2012-09-25

Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන  අඩුකරමු මෙන්න  මේ  ටිකනම් මිලට ගන්න වෙනවා 
1.Solar Panel එකක් 25W RS 5000 (Used)
2.UPS Battery එකක් 12V7A RS 1700
3. 67LED CFL X 4 RS  2000
4.Battery  charge enclose RS 450
5.charge & Other RS 500
6. Wires 25MX30 RS 750
Total =8700
මිල නම් ටිකක් යනවා තමා  ඒ උනාට මෙහෙම වාසියක් තියනවා  අපේ  ගෙදර හැම මාසේම  විදුලි බිල  ඒකක  115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන්  ඒකක 100 වඩා අඩු කරගන ඉන්නවා. දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා 
මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ  Bill Calculator
මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ.නැත් නම් 12V DC වැඩ කරන CFL බල්බ් මේකට දානත් පුළුවන් කොටුවේ තමා ගන්න තියනේ එකක් Rs 500 විතර වෙනවා.


On/Off Switch  ඒක  ප්‍රධාන Switch  ඒක  ලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.

මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක්  පේවානේ උළු හිටන්. අපේ දුෂ්කර  කියලා නොකිය  කියපු පළාත් වාගයක් තිබුනා නේද ඒවාට ඒ දවස් වල විදුලි බලය දීලා තිබුනේ නැහැ ඒහේ තිබුනේ මිනිස්සු මේවයි තමා විදුලි බුබුලක් දල්වා ගතේ දැන් එගොලන්ට විදුලිය තියනවා ඒ ගොල්ලෝ මේවා අඩුවට විකුනනවා. 25W Rs 5000 50W Rs8000 විතර ගන්න පුළුවන් 

මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.  


මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 අගල් වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 පිචෙනවා.  
          Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit
Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.

මම Battery  එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.

මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක - 


මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න  ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister  ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන්  Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත්   වේ. 

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.




සම්පුර්ණ කරනලද Unite ඒක.

Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.


මේ Battery  charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ  1st Cross Street එකෙන්.

මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108 
බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න 



DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුර වයර් යොදා ගන්න.එකනේ අපේ ගෙවල් වලට AC විදුලිය එනේ. වයර් ගැනීමේදී Auto & electrical  වයර් මිලට ගන්න.  

මොනවහරි අහන්න තියනවනම් Comment  ඒකක් දාල යන්න අමතක කරන්න එපා.