2013-10-08

වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator

ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක  හදන්න ඕනෑ  උනේ විදුලිය නඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුව  වතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක්  නැහැ.


මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒක  wire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.


300*250
මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමා  මමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩ 
අවශ්‍ය බඩු ටික 

BC 547 or BC 548 7
33 Resistor 7
470 Resistor 7
470K Resistor 7
LED 7 All Electronic Parts RS 100
SUNBOX 1 RS 120
SUNBOX Closer 1 RS 50
Network wire 5M RS 650
Veroboard 1 RS 80
සිලිකන් ගම් 1 RS 170
සුදු යකඩ ඇන RS 120
වයරින් බට RS 80 
Total RS 1370


728*90


මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම් වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.


හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .



මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන්  ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන. ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා. සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන්  වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්න  සිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.

250*250


මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.


වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.


Fully Tank වුනහම මේවිදියට තමා LED ටික  ON වෙන්නේ.

මේ circuit ඒක තව ටිකක් modify කරලා  අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න. 

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා 
ගල් මුල් බාර ගනු ලැබේ  



2013-08-06

Solar Garden Lights Repair කරමු

මුලින්ම අපි  බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.


මේ තියන්නේ මම මිලදී ගත් ඒක. 


මේ තියන්නේ විවිධ පෙනුමෙන් 



මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ  


අනවශය වෙලාවට on /off  කර ගන්න switch ඒකකුත් තියනවා 



මේකේ  තියනවා 1.2v  600mA Reachable Battery ඒකක්  මේ   Battery අන්තිම බාල  ඒකක් තමා දාලා  ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක්  දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා  Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක  ඔපමනයි.



මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ. 


Fully pack & seal  කරලා ඒන්නේ.

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා



2013-06-26

Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

250*250
අද තේමාව තමා කොහොමද  Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ මුලින්ම කියන්න ඕනා  Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා  ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ගන්නවා  ස්ප්‍රේ paint කරනවනම් තීන්ත ගොඩක් අපතේ යනවා.නිකන් ගන්න හදලා බලන්න දික් අඩි 5000 තිබුනොත් 5000 X 22 =රුපියල් 110000 තව තින්ත වලට නැතුව ගෙයක් හදනවා කියන්නේ වියදම විතරනේ  නේද?   මේකේ තීන්ත ඒක ඒක අය ඒක ඒක විදියට කලවම් කරනවා ඒක ඒක විදියට විදියට ගානවා මේක තමා මම කරපු විදිය මම මුලින් සල්ලි වලට තමා paint කර ගත්තේ කරපු කෙනාගේ වැව හොද නැහැ කියන දවසට එන්නේ නැහැ මිනිහට ඕනා විදියට වැඩ.හරියට නිකන් මිනිහගේ වැඩක් වගේ. සාමාන්යෙන් යන අනුපාතයන් 
දැන්මොත් Mahogany dye 01 L / Sanding Sealer 08L / Varnish 04L /Thinner 20L  වගේ යනවා.

මගේ සිවිලි ගැන post ඒක  එල්ලෙන සිවිලිමක් ගහමු බැලුවේ නැත්නම් මෙතැනින්  බලන්න  Link

පළමු රූපය  මේ තියේන්නේ යට පැතේ ලුනු මිදෙල්ල ලැලි වලින් නිම කරනලද වහලයකි මෙය මිලෙන් ඉතා අධිකය නමුත් බහුලව මෙය අලංකාර නිසා දැකිය හැක. 




දෙවන රූපය මෙහි ලුනු මිදෙල්ල ලැලි වෙනුවට සිවිලින් ෂිට් හා හරස් අතට 1x1 router කරන ලද රීප්ප පටි යොදාගන ඇත.  සිවිලින් ෂිට් Paint කරන විදිය පහතින් දක්වා ඇත. 



468*60 paint කරන්න අවශ්‍ය බඩු List ඒක 

01 Mahogany dye
02 Sanding Sealer
03 Varnish
04 Thinner
06 වැලිකදදාසි  60/320
07 අනෙකුත් උපාංග




මේ තියෙන්නේ  Mahogany dye ඒක මේක රුපියල් 1062 Discount දාල 1000 -980 දෙනවා.



300*250
මේ තියෙන්නේ  Sanding Sealer ඒක මේක රුපියල් 1236 Discount දාල 1100 දෙනවා. 4L ඒක 4000 විතර ගන්න පුලුවන් පොඩි ටින් ගන්න ඒක පාඩුයි.ටින් වල අඩියේ ඉතුරු වෙනවා 400mL විතර.


මේ තියෙන්නේ  Varnish ඒක මේක රුපියල් 3565 Discount දාල 3200 දෙනවා.


දැන් Grinder ඒකට 60 කොලක් අලවලා ලී ටික කපන්න පටන් ගන්න එලියට ඇවිල්ලා තියන අනන් මනන් වලවල් කෙදි ඒක ගානකට ඒන්න මේකෙන් ටිකක් හිමිහිට අල්ලන්න.


මේ තියෙන්නේ අල්ලපු ලී ටික. 


මුලුන්ම මේ ලී වලට Sanding Sealer ගාන්න ඕනා මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L  දාල හොදින් කලවම් කර ගන්න සමහර අය Thinner 2L විතර දානවා මම නම් 1.5L දැම්මේ.මේක නිකන් ඉටි වගේ.මගේ වැඩක්නේ  හොදට කරන්න ඕනා නිසා.



Sanding Sealer ගලා වෙලුනාට පස්සේ මේවගේ ඊට පස්සේ 320 වැලි කොලයකින් හිමිහිට කපන්න.



කපාගත් ලී වලට Mahogany dye ඒක ගාන්න තමා දැන් යන්නේ මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L Mahogany dye 200mL දාල හොදින් කලවම් කර ගන්න Mahogany පාට මදි වගේ නම් තව Mahogany dye ඒක වැඩි කර ගන්න.



                                                           මේ විදියට ටිකක් ගලා බලන්න



Mahogany dye ඒක ගැවට පස්සේ හොදට වේලෙන්න ඒහේම තියලා නැවත 320 වැලි කොලයකින් හිමිහිට කපන්න මෙන්න මේවගේ වෙන්න දැන් නිකන් මැහොගනී වගේද පෙන්නේ නැත් නම් වෙන මොකක් හරි වගේද?


දැන් බලමු කොමද මේ  Varnish හදා ගන්නේ කියලා මුලින්ම Varnish  1L කට  Thinner 1L දාන්න 
1.1 අනුපාතය හොදින් කලවම් කර  අලේප කරන්න ගන්න.






300*250 දැන් කොහොමද දිලිසෙන දිලිසිල්ල වැඩේ උපරිම ලෙස හිතුවත් වඩා හොදින් සාර්ථක වුනා බලන්න මුල් ලීය හා අවසාන ලීය අතර වෙනස.

                                           



නිම කරනලද ලී අපි ලී ලස්සනට Polish  කරනවා වඩු බාස් වහලේ  ගහන්න මේ ලී උඩට ගන්නකොට මේ ලී අතුරලා තියනකොට මේ ලී සිරේනවා නස්තිවෙනවා මටනම් දුකේ බැහැ මේවා වලක්වා ගැනීමට අමාරුයි ඒකට හැමෝම කරන්නේ වහලේ ගැහුවට පස්සේ මඩ තියන තැන් හොදින් හෝදලා නැවත Varnish ටිකක් ගාන ඒක පමනයි එතකොට නැවත දිලිසෙන විදියට ලී ටික ගන්න පුලුවන් clear cord එකකුත් මිට පස්සේ ගහන්න පුළුවන්.


මේ ලී අතුරලා තියනකොට  නස්තිවෙනවා පාගලා මටනම් දුකේ බැහැ වඩු බාස්ලගේ වැඩ  තමා  මොනවා කරන්නද මේවා හෝදලා දාන්න තමා තියෙන්නේ.මටනම් දුකේ බැහැ.

දැන් බලමු කොහොමද සිවිලින් ෂිට් වලට තීන්ත ගානේ කොහොමද කියලා 

ෂිට් 200 paint කරන්න අවශ්‍ය බඩු List ඒක 

01 Filler 20L 
02 Brilliant white emulsion 20L 
03 roller brush & Tray









මුලින්ම Filler ඒක ආලේප කරන්න ඕනේ  Filler ඒකට 40% පමණ වතුර දමන්න කරුණාකර මෙය නිෂ්පාදකය අනුව වෙනස්වේ ඔ වුන්ගේ උපදෙසේ පිළිපදින්න Filler ආලේප නොකරොත්  Brilliant white emulsion තීන්ත ආලේප කලවිට උරා ගැනීම පමණක් සිදුවේ.




 Filler ඒක ආලේප කර පසු Brilliant white emulsion තීන්ත ආලේකල හැකිය 1.1 අනුපාතයට වතුර කලවම් කර ගන්න Brilliant white emulsion දෙවතාවක් ආලේප කිරීමෙන් මනා පෙනුමක් ලැබේ ඒක පාරකුත් සැහේ මොකද වඩු මහතා මේක වහයලට සවිකරන ගනකොට සිරෙනවා කිලුටුවෙනවා කලුවෙනවා මඩ ගැවෙනවා ගන්න දෙයක් නැතුව යනවා ඒක හින්දා වහලේ ගහලා අන්තිමේට උඩ නැගලා මේවට තින්ත ගාන්න වෙනවාඒතකොට  දෙවතාවයි 


Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා

728*90

2013-04-24

SMD LED 12V බල්බ් ඒකක් හදමු

ඔන්න ටික කලකට පසු නැවත හිස් අතින් නැතුව  බල්බ්  ඒකක් අරගනම ආවා මේ දවස් වල විදුලි බිලි වැඩිවී ජයටම නැගලා යන හින්දා මම මගේ solar system ඒකෙන් උපරිම වාසි ගන්නවා solar project ඒක ගැන දන්නේ නැත්නම් මෙතැනින්  බලන්න  Solar Project  ඊට පස්සේ SMD LED  හදපු  වඩාත් ප්‍රයෝගික බල්බ් එකක් ගෙනාවා එය SMLED තමා දැනට බල්බ්  වලින් ඉදිරියෙන් ඉන්නේ  SMLED ගැන පෙර ලිපිය SMD LED දැන් කියන්නම් අද බල්බ් ඒක ගැන විස්තරේ මේක SMD LED  තමා මේක වැඩ කරන්නේ  12V  වලින් මොකද මම මේක මගේ Solar Project එකට හදපු එකක් මේක අනිත් LED වලට වඩා ගන්න mA ගනන  අඩුයි විහිදුවන ආලෝකය වැඩියි නිම කිරීමට ගතවන කාලය ඉතා අඩුයි.මෙහි ඒක SMD LED ඒකක් 1W නිසා මෙය  6W වේ. 


මේ තියන්නේ සියලුම බඩු ටිකට මට ගියේ RS 450 මේවා ගතේ කොටුවේ මහින්ද 
අයියගේ කඩෙන් හා  Asia electronic ඒකෙන් 

SMD රත් වන නිසා Heat Sink Compound දමන්න 

18 ඕම්ස්  resistor ඒකක්  දාන්න ඒකෙන් තමා ගන්න Amp  ඒක පාලනය වන්නේ 


LED 7 තිබුනට අපි LED  3 set 2 used කරන්නේ 


Testing   වලට වැඩ live එකේදී මෙය දියහා කෙලින්ම බැලීමෙන් වලකින්න 


Heat Sink Compound ටිකක් දාලම ඇන දාන්න 



සාද නිම කරන ලද ඒක 

Comment එකක් දාල යන්න මතක තියා ගන්න 







2013-01-22

ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)

                                ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)

ඔන්න අද කියලා  දෙන්න යන්නේ කොහොමද මේ ඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක් අපි විසින් නිර්මානය කර ගනේ කියලා මේකට ටිකක් අතේ හැකියාව දෑතේ හැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම් වැඩේ කරගන යන්න ටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින් ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේ හැකියාව ටිකක් තියෙන්න ඕනා .අඩි 8X8 1/2 කාමරයක් සදහා රුපියල් 15000 පමණ මුදලක් මගෙන් ඉල්ලුවා පොඩි වැඩ වලට විතරක් එන්නේ නැහැ අනන් මනන් කතාන්ද ගොඩයි.ඒවා කරන අයට වැඩ නැතුව ගියහම වගේ තමා මේ වගේ පොඩි පොඩි ඒවා කරනේ අපේ අවශ්‍ය වෙලාවට කරගන්න නම් බැහැ.මේවා කරන කෙනෙක් තමා මේ විදියට කරන්න කියලා  කිවුවේ ඒ උපදෙස් අනුව මම වැඩේ කරගන ගියා හරියටම හරි.රුපියල් 15000 දාහෙන් කාමර 3 විතර සිවිලිම ගහගන්න පුලුවන්. ගියේ 8X8 1/2කාමරයට රුපියල් 5600 පමන. 

මේ උපකරණ ටික අවශ්‍ය වෙනවා  මේවා නැත්නම්  කාගෙන් හරි ඉල්ලා ගන්න 
 1.තහඩු කපන කතුරක් 
 2.යකඩ කපන කියතක් හෝ කියත් තලයක්  
 3.Drill mc ඒකක් හා විදින කටුවක් 
 4.මිටියක්
 5. අඩුවක් 
 6.Water level බටයක් බිතිය ලකුනු කර ගැනීමට  

දැන් බලමු අපි මිලදී ගතයුතු දේවල් අඩි 8X8  1/2 කාමරයක් සදහා 

1.L Bar 4Pcs RS = 500 (1Pcs RS 125) 
2. Main T 3Pcs  RS = 750 (1Pcs RS 250) 
3.අඩි 2 Cross Bar 16Pcs RS = 960 (1Pcs RS=60)
4.Gibson board 2X4 9Pcs  RS=3420 (1Pcs RS=380 )  මම දැමේ මේවා 

Total  RS 5630

                             or(Gibson board දානවනානම් මේවා අවශ නොවේ )

5.Malaysia සිවිලින් සිට් 4X4  5 ක්  RS=1250 (1Pcs RS=250 )
6.පිලර් හා තීන්ත RS =350

Total  RS 3810 දාන ෂිට් ජාතිය ඔබම තෝරා ගන්න කොහොමද වාසිය.
                         
Gibson board වෙනුවට Malaysia සිවිලින් සිට්  උනත් ගන්න පුළුවන්  Malaysia සිවිලින් සිට් 4X4 කැලි ගන්න තියනේ මිල රුපියල්  200 -250 වෙනකන් තියනවා ඒක  එක මෝස්‌තර තියනවා කැමැති එකක් ගන්න පුළුවන් Malaysia සිවිලින් සිට් ඒකට පිලර් හා තීන්ත ගාන්න වෙනවා.ඒකට කරන්න තියනේ රෝලර් එකකින් ගාන එක හරිම ලේසි හා පහසුයි වියදම තව අඩු කර ගන්න පුළුවන්. Malaysia සිවිලින් සිට් ඒක 4 රට කපන්න වෙනවා 4X4 නිසා  අපිට ඕනේ 2X2 කෑලිනේ කොහොමද වාසිය.



මේ තියනේ ඕවට කියන නම් ගම් ටික මේවා ඕනෑම ඇලුමිනියම් Parts  විකුනන්න තියන්න තැන් වල ගන්න තියනවා 


Gibson board ඒක  ඒනේ අඩි 2X4 විදියට අපි මේක 2x2 ගානට කපා ගන්න ඕනා.ඉස්සර මේවා  2X4 තමා දැමේ දැන් අලුත් වෙලා 2X4 දාපුවහම කාලයක් යනකොට මැද  බහිනවා එකයි දැන් 2X2 දානේ.Gibson board ඒක ඒක මෝස්‌තර තියනවා  පිටු පස Mac foil  එක තියන එක අනිවාර්යෙන් ගන්න රස්නේ හා නැත් නම් වතුර වැටුනහම දනවානේ වෙන දේ පපඩම වගේ  වෙනවා.

මේ විදියට තමා Main T ඒකට Cross Bar Set වෙන්නේ දෙපැතෙන් තද කරන්න විතරයි තියනේ නිකන්ම clip වෙනවා .


Main T ඒකේ  කොටසක් කපා ඉවත් කර ගන්න වෙනවා මේවිදියට L ඒක තියලා තියනේ එතැනින් කපා ඉවත් කර ගන්න.නැත්නම් Clip ඒක ඉසරහින්ම්ම කපා ඉවත් කරන්න Main T දෙකක් එකට Joint වෙනවනම් clip කරන්න විටරයි තියෙනේ.


වතුර පිරවූ බටයක් යොදාගන බිතියේ තැන් ටික ලකුනු කර ගන්න ඉට පසු කොන්කිර්ට් ඇන හෝ රෝල් ප්ලග් යොදා මේ විදියට L  Bar සවි කර ගන්න.මතක තියාගන්න L Bar ඒකට කෙලින්ම ඇන ගහන්න එපා ඒක විදලා ඇන දාන්න නැත් නම් L Bar  ක රේනවා.



 L  Bar සවි කර කරගත් පසු Main Tසවි කිරීමට අපිට පුළුවන් අවශ දිග මැන Main T  ටික කපා ගන්න මේවා .තහඩු කපන කතුරෙන්ද කපා ගත හැක. 

 Main T සවි කර කරගත් පසු Cross Bar සවි කිරීමට අපිට පුළුවන් Cross Bar දෙකක් Main T ඒක දේපැතෙන් ගෙන Clip කිරීම පමනි තියෙනේ නිකන්ම්ම set වෙනවා.Cross Bar සියල්ල සවිකල පසු 
Main  T ඒකට කම්බි බැද උඩ පරාල වල එළ්ලිම කරන්න නැත්නම් ෂිට් දාපුවහම ෂිට් පහලට බොක්ක ගහනවා 



මේ හුලන් කවුළු එහෙම උඩට හිටින්න තියන්න එපා සත්තු සිවිලිම ඇතුලට එනවා.රැට අමුතු සද්ද ඇහෙන්න පටන් ගනී. සත්තු උඩ දුවන ඒවා .අනික වැඩි රස්නේ  එලියට යනවනේ.සීතලත් ඇතුලට ඒනවා .





මේවට කෑලි කපලා දාන්න වෙනවා ෂිට් කැපීම සදහා තුඩ හිනි පිහියක් තියලා හොදින් අදින්න දෙතුන් වතාවක් ඇදපුවහම නිකන්න කැපෙනවා.වැඩ දාන්න ඕනේ නම් Light වලට වෙනම කැලි බැලි ගන්න තියනවා ඒවත් දාන්න පුවුවන්.   


ඉතුරු කෑලි බෑලි  ෂිට් දෙක නැතුව


මා විසින් නිමකල   කාමරය  
මෙහි අයිතිය dinumadushan  සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් 

අඩුපාඩු තියනවනම් කියලා දෙන්න ඕනදෙයක් තියනවනම් අහන්න Comment ඒකක් දාල යන්න