2013-01-22

ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)

                                ඒල්ලෙන සිවිලිමක් ගහමු (Malaysia සිවිලිමක්)

ඔන්න අද කියලා  දෙන්න යන්නේ කොහොමද මේ ඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක් අපි විසින් නිර්මානය කර ගනේ කියලා මේකට ටිකක් අතේ හැකියාව දෑතේ හැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම් වැඩේ කරගන යන්න ටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින් ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේ හැකියාව ටිකක් තියෙන්න ඕනා .අඩි 8X8 1/2 කාමරයක් සදහා රුපියල් 15000 පමණ මුදලක් මගෙන් ඉල්ලුවා පොඩි වැඩ වලට විතරක් එන්නේ නැහැ අනන් මනන් කතාන්ද ගොඩයි.ඒවා කරන අයට වැඩ නැතුව ගියහම වගේ තමා මේ වගේ පොඩි පොඩි ඒවා කරනේ අපේ අවශ්‍ය වෙලාවට කරගන්න නම් බැහැ.මේවා කරන කෙනෙක් තමා මේ විදියට කරන්න කියලා  කිවුවේ ඒ උපදෙස් අනුව මම වැඩේ කරගන ගියා හරියටම හරි.රුපියල් 15000 දාහෙන් කාමර 3 විතර සිවිලිම ගහගන්න පුලුවන්. ගියේ 8X8 1/2කාමරයට රුපියල් 5600 පමන. 

මේ උපකරණ ටික අවශ්‍ය වෙනවා  මේවා නැත්නම්  කාගෙන් හරි ඉල්ලා ගන්න 
 1.තහඩු කපන කතුරක් 
 2.යකඩ කපන කියතක් හෝ කියත් තලයක්  
 3.Drill mc ඒකක් හා විදින කටුවක් 
 4.මිටියක්
 5. අඩුවක් 
 6.Water level බටයක් බිතිය ලකුනු කර ගැනීමට  

දැන් බලමු අපි මිලදී ගතයුතු දේවල් අඩි 8X8  1/2 කාමරයක් සදහා 

1.L Bar 4Pcs RS = 500 (1Pcs RS 125) 
2. Main T 3Pcs  RS = 750 (1Pcs RS 250) 
3.අඩි 2 Cross Bar 16Pcs RS = 960 (1Pcs RS=60)
4.Gibson board 2X4 9Pcs  RS=3420 (1Pcs RS=380 )  මම දැමේ මේවා 

Total  RS 5630

                             or(Gibson board දානවනානම් මේවා අවශ නොවේ )

5.Malaysia සිවිලින් සිට් 4X4  5 ක්  RS=1250 (1Pcs RS=250 )
6.පිලර් හා තීන්ත RS =350

Total  RS 3810 දාන ෂිට් ජාතිය ඔබම තෝරා ගන්න කොහොමද වාසිය.
                         
Gibson board වෙනුවට Malaysia සිවිලින් සිට්  උනත් ගන්න පුළුවන්  Malaysia සිවිලින් සිට් 4X4 කැලි ගන්න තියනේ මිල රුපියල්  200 -250 වෙනකන් තියනවා ඒක  එක මෝස්‌තර තියනවා කැමැති එකක් ගන්න පුළුවන් Malaysia සිවිලින් සිට් ඒකට පිලර් හා තීන්ත ගාන්න වෙනවා.ඒකට කරන්න තියනේ රෝලර් එකකින් ගාන එක හරිම ලේසි හා පහසුයි වියදම තව අඩු කර ගන්න පුළුවන්. Malaysia සිවිලින් සිට් ඒක 4 රට කපන්න වෙනවා 4X4 නිසා  අපිට ඕනේ 2X2 කෑලිනේ කොහොමද වාසිය.



මේ තියනේ ඕවට කියන නම් ගම් ටික මේවා ඕනෑම ඇලුමිනියම් Parts  විකුනන්න තියන්න තැන් වල ගන්න තියනවා 


Gibson board ඒක  ඒනේ අඩි 2X4 විදියට අපි මේක 2x2 ගානට කපා ගන්න ඕනා.ඉස්සර මේවා  2X4 තමා දැමේ දැන් අලුත් වෙලා 2X4 දාපුවහම කාලයක් යනකොට මැද  බහිනවා එකයි දැන් 2X2 දානේ.Gibson board ඒක ඒක මෝස්‌තර තියනවා  පිටු පස Mac foil  එක තියන එක අනිවාර්යෙන් ගන්න රස්නේ හා නැත් නම් වතුර වැටුනහම දනවානේ වෙන දේ පපඩම වගේ  වෙනවා.

මේ විදියට තමා Main T ඒකට Cross Bar Set වෙන්නේ දෙපැතෙන් තද කරන්න විතරයි තියනේ නිකන්ම clip වෙනවා .


Main T ඒකේ  කොටසක් කපා ඉවත් කර ගන්න වෙනවා මේවිදියට L ඒක තියලා තියනේ එතැනින් කපා ඉවත් කර ගන්න.නැත්නම් Clip ඒක ඉසරහින්ම්ම කපා ඉවත් කරන්න Main T දෙකක් එකට Joint වෙනවනම් clip කරන්න විටරයි තියෙනේ.


වතුර පිරවූ බටයක් යොදාගන බිතියේ තැන් ටික ලකුනු කර ගන්න ඉට පසු කොන්කිර්ට් ඇන හෝ රෝල් ප්ලග් යොදා මේ විදියට L  Bar සවි කර ගන්න.මතක තියාගන්න L Bar ඒකට කෙලින්ම ඇන ගහන්න එපා ඒක විදලා ඇන දාන්න නැත් නම් L Bar  ක රේනවා.



 L  Bar සවි කර කරගත් පසු Main Tසවි කිරීමට අපිට පුළුවන් අවශ දිග මැන Main T  ටික කපා ගන්න මේවා .තහඩු කපන කතුරෙන්ද කපා ගත හැක. 

 Main T සවි කර කරගත් පසු Cross Bar සවි කිරීමට අපිට පුළුවන් Cross Bar දෙකක් Main T ඒක දේපැතෙන් ගෙන Clip කිරීම පමනි තියෙනේ නිකන්ම්ම set වෙනවා.Cross Bar සියල්ල සවිකල පසු 
Main  T ඒකට කම්බි බැද උඩ පරාල වල එළ්ලිම කරන්න නැත්නම් ෂිට් දාපුවහම ෂිට් පහලට බොක්ක ගහනවා 



මේ හුලන් කවුළු එහෙම උඩට හිටින්න තියන්න එපා සත්තු සිවිලිම ඇතුලට එනවා.රැට අමුතු සද්ද ඇහෙන්න පටන් ගනී. සත්තු උඩ දුවන ඒවා .අනික වැඩි රස්නේ  එලියට යනවනේ.සීතලත් ඇතුලට ඒනවා .





මේවට කෑලි කපලා දාන්න වෙනවා ෂිට් කැපීම සදහා තුඩ හිනි පිහියක් තියලා හොදින් අදින්න දෙතුන් වතාවක් ඇදපුවහම නිකන්න කැපෙනවා.වැඩ දාන්න ඕනේ නම් Light වලට වෙනම කැලි බැලි ගන්න තියනවා ඒවත් දාන්න පුවුවන්.   


ඉතුරු කෑලි බෑලි  ෂිට් දෙක නැතුව


මා විසින් නිමකල   කාමරය  
මෙහි අයිතිය dinumadushan  සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් 

අඩුපාඩු තියනවනම් කියලා දෙන්න ඕනදෙයක් තියනවනම් අහන්න Comment ඒකක් දාල යන්න



32 comments:

  1. බොහොම ස්තූතියි යාළුවා.. මම මේ ගැන විස්තර හොයමින් හිටියෙ.. වැඩේ කරලම බලන්න ඕන. දිගටම ලියන්න :)

    ReplyDelete
  2. L bar එක T එකට join කරන්නෙත් crossbar join කරන විදියටමද?

    ReplyDelete
    Replies
    1. L Bar ඒකට joint කරන්න බැහැ නිකන් තියන්න තියන්නේ ඕනෑමනම් Pop rivert එකක් ගහන්න.Main T Corss Bar Joint කරන්න පුළුවන්

      Delete
    2. ඔයා කලේ කොහොමද pop rivet ගැහුවද.
      ඒව ගැහුවෙ නත්තම් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

      Delete
  3. ගොඩක් වැදගත් ලිපියක්. අපි කඩෙන් මේවා ගන්නවානම් L බාර් සහ T බාර් කොහෙන්ද ගන්නේ. ඒවා aluminiym ද. නැත්නම් කියන වෙන නමක් තියෙනවද? අර කිව්වා වගේ join වෙන බාර් වලත් නම කියන්න.

    ReplyDelete
  4. එල වටිනා වැඩක්. ජය වේවා!

    ReplyDelete
  5. machan mee sevilima wahale hadetama gahanna barida parala pitata penne nati wenna hadakarala ?

    ReplyDelete
  6. Replies
    1. Thanks දිරිමත් කරනවාට

      Delete
  7. "Main T ඒකට කම්බි බැද උඩ පරාල වල එළ්ලිම" කරන්න ගන්න ඔන නිකම්ම ක්ම්බිද, නැත්තම් එකට වෙනම විශේෂ ජාතියක් තියනවද ...

    වටිනා post එකක්....

    මමත් ගහගන්න ඕන එකක් අඩුවට කරගන්න ක්‍රමයක් තමා හොයා හොයා හිටියේ...

    ReplyDelete
    Replies
    1. Hardware ඒකේ ගන්න තියන්නේ binding කම්බි ඒවා හොදයි

      Delete
    2. binding කම්බි ekmanata diranawane

      Delete
  8. malaysian seiling seat ekak 530k wenawa. aduwata tanak dannawada

    ReplyDelete
    Replies
    1. මම ගතේ Negombo වලින් 380 වට මාස 12 ට මෙච්චර ගන්න ගියාද

      Delete
  9. L Bar වල size කොහොමද ගන්නේ...කඩෙන් ඉල්ලනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒවායේ දිග වෙනස් වෙන්නේ නැහැ ආදී 12 කොහෙද

      Delete
    2. නැ..මම ඇහුවේ ..ඒවායේ සයිස් එක ...එකියන්නේ ලොකු එල් බාර්..ද පොඩි එල් බර්ද?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ela math hadanna kyala hithagena inne ...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නියමෙට විස්තර කරල තියෙනව

      Delete