2013-10-08

වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator

ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක  හදන්න ඕනෑ  උනේ විදුලිය නඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුව  වතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක්  නැහැ.


මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒක  wire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.


300*250
මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමා  මමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩ 
අවශ්‍ය බඩු ටික 

BC 547 or BC 548 7
33 Resistor 7
470 Resistor 7
470K Resistor 7
LED 7 All Electronic Parts RS 100
SUNBOX 1 RS 120
SUNBOX Closer 1 RS 50
Network wire 5M RS 650
Veroboard 1 RS 80
සිලිකන් ගම් 1 RS 170
සුදු යකඩ ඇන RS 120
වයරින් බට RS 80 
Total RS 1370


728*90


මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම් වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.


හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .



මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන්  ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන. ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා. සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන්  වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්න  සිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.

250*250


මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.


වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.


Fully Tank වුනහම මේවිදියට තමා LED ටික  ON වෙන්නේ.

මේ circuit ඒක තව ටිකක් modify කරලා  අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න. 

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා 
ගල් මුල් බාර ගනු ලැබේ