2017-06-16

Arduino home security system

මේක හදලා තියන්නේ Arduino Uno , GSM A6, RF receive හා 4way relay card උපයෝගි කරගෙන මේකෙ හදන්න හේතුව වුනේ සමහර දවස් වලට දහවල් 2 පමණ අපි නිවසින් පිටවි යනවා එන්නේ රාත්‍රි 9 ට 10 ට පමන ඒ වගේ දවස් වලට‍ නිවසින් පිටවි යන වෙලාවට නිවසේ light 3 හෝ 4 දමා යනවා අවේලාවේ නිවසේ light දමා යාම අවදහනම් වූ හෙයින් මෙය සැදීමට උනන්දු විය.මේය මගින් SMS එකක් හරහා bulb 4 එකවර හෝ වරින් වර on off කල හැකිය.තවද මෙහි ඇති RF receives මගින් ජනෙල් වල සවිකර ඇති Wireless Home Window Door Security System Alarm Burglar Magnetic Sensor කවුරු කවුරුහරු ජනේලයක් ඇරියොත් SMS මාර්ගයන් දැනගැනීමට පුළුවන් කම ඇත.මෙහි ඇති LCD display එකේ on off වෙන Light ගැන විස්තර සටහන් වේ.මෙහි code ඒක අන් සතු ඒකකි පුර්ණ අයිතිය ඔහුගේය 




2017-05-05

.TK Domain භාවිතා කරන අය වෙතටයි

මම .TK  Domain එකකින් අවුරුදු ගනනක් මහේ blogger එකේ වැඩ කරගන ගිය හැම අවුරුදේම .TK එකෙන් mail ඒකක් ඒනවා free renew කරන්න කියලා mail ඒක ආපු ගමන් site එකට ලොග් වෙලා renew  කරගන ගියේ.මේ සැරේ මම mail ඒක open කරලා close කරලා නැවත දවසක ගද්දි කියනවා domain name ඒක නිකන් දෙන්නේ නැහැ කියලා සල්ලි වලට ගන්න කියලා.දැන් තම හිතෙන්නේ මොකටද මේ .TK මගුලකට දැම්මේ කියලා  

2014-08-28

BBQ වලට ගල් අගුරු පත්තු කරගන්න ලේසි විදියක් Charcoal Chimney

BBQ වලට ගල් අගුරු පත්තු කරගන්න අවුලවා ගන්න ලේසි විදියක් Charcoal Chimney

මේ කාලේ BBQ කිවුවහම නොදන්නා කෙනෙක් නොමැති තරම්නේ. ඒහෙත් ගල් අගුරු  අවුල ගන්න ගියහම තමා  පුදුමාකාර දුකක් විදින්න වෙන්නේ starter ඒකක් ලැබුනත් ඒකෙන් කියන තරම් නම් ලේසි නැහැ.ඉන්න ගමන් Google දෙවියන්ගෙන් අහපුවහම මෙන්න මේක Charcoal Chimney පෙන්නලා දුන්නා. 


පරණ යකඩ බඩු කඩේට ගිහින ඔය විදියට හිල් ගැන හිතන්න ඒපා යකඩ රවුමට ටිකක් මහතට තියන ඒකක් හොයා ගත්තේ නැත්නම් ඕකක් අලුතින් හදා ගන්න ගියානම් බර ගානක් යනවා දනවානේ අපේ  අයගේ හැටි .4' දිග ඇන 2 ක්, සුදු යකඩ ස්පෝක් කම්බි 5 ඉවත් කල ලී පටියකුටි තම මේක හදන්න යොදා ගත්තේ.

250*250

මුලින්ම මේ විදියට Handel ඒක හදා ගන්න. 


දැන් සුදු යකඩ ස්පෝක් නොගැල  වෙන්න හා ගල් අගුරු බිමට නොවැටෙන්න මෙහි රදවන්න.උඩ සිට අගල් 1 1/2 පහලින් වනසේ ස්පෝක් කම්බි අමුණන්න.    






                          අවසාන කරන ලද ඒක.මම නම් ගල් අගුරු දමා ගෑස් ඒකේ තබා විනාඩි 10 යනවිට ගල් අගුරු සියල්ලම ඇවිලිණි.ගල් අගුරු දහනය වන විට වාතය හොදින් ලැබෙන තැනක සිට මෙය කරන්න . කාබන් මොනොක් සයිඩ් කොහෙද පිට වෙනවලු.




මෙය Internet ඒකෙන් ගත් photo ඒකක් මම මුලින්ම හැදුවේ මේවගේ ඒකක් මේක හදන්න අරගන තියෙන්නේ තීන්ත ටින් ඒකක් වගේ ඒකක් මේ වයේ තහඩුව ගණකම නැහැ ගින්දරට අඩිය උනුවෙලා යනවා.මෙයට පහසුවෙන් පොල් පරාල  ඇනයකින් හිල් සාදා ගත හැකිය  එකපාරකට පමන සෑහේ .

                                       

728*90
මෙයත් ඒවැන්නකි 


මෙය වෙළද පොලේ මිලදී ගැනීමට තිබෙන බොහෝ සේ දකින්නට ලැබෙන ඒකකි 

                                    
මෙය භාවිතයට ගන්නා ආකාරය විස්තර කරනා වීඩියෝව. මෙහිනම් ගෑස් ඒකට වෙනුවට යටට පතර කොල යොදා ගනී.

         දැන්නම් BBQ දාන්න කරදරයක් නැහැ විනාඩි 10 ගල් අගුරු Ready 


වැදගත් වුනානම් comment ඒකක් දාල යන්න 
300*250

2014-05-21

12W SMD LED විදුලි පහනක් හදමු

                                         12W SMD LED විදුලි පහනක් හදමු 


 ඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන් මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට  13.5W ප්‍රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ගත්තේ කදානේ The Modern LED ඒකෙන් RS 800 වියදම් වුනා මේ 12W ඒක සදහා


300*250

 1W SMD LED 12 + - මාරු කර ගන්නේ නැතුව පාස්ස ගන්න 




728*90


                        මේ තියෙන්නේ හදපු බල්බ් 2ක බල්බ්  හැදුවට පස්සේ ටිකක් ලොකුයි සහ බරයි

                     හරියමට 13.5W ගන්නවා වැඩකරන වෙලාවට 
250*250

2014-03-13

Windows XP වලට සමු දෙන්න තව දින ගනන් කරමු

windows Xp  දැනට නිකුත් කර ඇති සියලුම දේ මෙතැනින් බලාගන්න පුළුවන ඒ වාගේම අවසන් වන දිනය සහය දැක්වන අවසාන දිනය මෙතැන සදහන කර තිබෙනවා  

250*250

728*90

තව තිබෙන දින බලා ගැනීමට මෙතැන ඔබන්න End Date  


300*250

2013-10-08

වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator

ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක  හදන්න ඕනෑ  උනේ විදුලිය නඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුව  වතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක්  නැහැ.


මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒක  wire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.


300*250
මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමා  මමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩ 
අවශ්‍ය බඩු ටික 

BC 547 or BC 548 7
33 Resistor 7
470 Resistor 7
470K Resistor 7
LED 7 All Electronic Parts RS 100
SUNBOX 1 RS 120
SUNBOX Closer 1 RS 50
Network wire 5M RS 650
Veroboard 1 RS 80
සිලිකන් ගම් 1 RS 170
සුදු යකඩ ඇන RS 120
වයරින් බට RS 80 
Total RS 1370


728*90


මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම් වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.


හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .



මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන්  ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන. ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා. සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන්  වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්න  සිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.

250*250


මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.


වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.


Fully Tank වුනහම මේවිදියට තමා LED ටික  ON වෙන්නේ.

මේ circuit ඒක තව ටිකක් modify කරලා  අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න. 

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා 
ගල් මුල් බාර ගනු ලැබේ  



2013-08-06

Solar Garden Lights Repair කරමු

මුලින්ම අපි  බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.


මේ තියන්නේ මම මිලදී ගත් ඒක. 


මේ තියන්නේ විවිධ පෙනුමෙන් 



මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ  


අනවශය වෙලාවට on /off  කර ගන්න switch ඒකකුත් තියනවා 



මේකේ  තියනවා 1.2v  600mA Reachable Battery ඒකක්  මේ   Battery අන්තිම බාල  ඒකක් තමා දාලා  ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක්  දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා  Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක  ඔපමනයි.



මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ. 


Fully pack & seal  කරලා ඒන්නේ.

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා



2013-06-26

Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

250*250
අද තේමාව තමා කොහොමද  Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ මුලින්ම කියන්න ඕනා  Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා  ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ගන්නවා  ස්ප්‍රේ paint කරනවනම් තීන්ත ගොඩක් අපතේ යනවා.නිකන් ගන්න හදලා බලන්න දික් අඩි 5000 තිබුනොත් 5000 X 22 =රුපියල් 110000 තව තින්ත වලට නැතුව ගෙයක් හදනවා කියන්නේ වියදම විතරනේ  නේද?   මේකේ තීන්ත ඒක ඒක අය ඒක ඒක විදියට කලවම් කරනවා ඒක ඒක විදියට විදියට ගානවා මේක තමා මම කරපු විදිය මම මුලින් සල්ලි වලට තමා paint කර ගත්තේ කරපු කෙනාගේ වැව හොද නැහැ කියන දවසට එන්නේ නැහැ මිනිහට ඕනා විදියට වැඩ.හරියට නිකන් මිනිහගේ වැඩක් වගේ. සාමාන්යෙන් යන අනුපාතයන් 
දැන්මොත් Mahogany dye 01 L / Sanding Sealer 08L / Varnish 04L /Thinner 20L  වගේ යනවා.

මගේ සිවිලි ගැන post ඒක  එල්ලෙන සිවිලිමක් ගහමු බැලුවේ නැත්නම් මෙතැනින්  බලන්න  Link

පළමු රූපය  මේ තියේන්නේ යට පැතේ ලුනු මිදෙල්ල ලැලි වලින් නිම කරනලද වහලයකි මෙය මිලෙන් ඉතා අධිකය නමුත් බහුලව මෙය අලංකාර නිසා දැකිය හැක. 




දෙවන රූපය මෙහි ලුනු මිදෙල්ල ලැලි වෙනුවට සිවිලින් ෂිට් හා හරස් අතට 1x1 router කරන ලද රීප්ප පටි යොදාගන ඇත.  සිවිලින් ෂිට් Paint කරන විදිය පහතින් දක්වා ඇත. 



468*60 paint කරන්න අවශ්‍ය බඩු List ඒක 

01 Mahogany dye
02 Sanding Sealer
03 Varnish
04 Thinner
06 වැලිකදදාසි  60/320
07 අනෙකුත් උපාංග




මේ තියෙන්නේ  Mahogany dye ඒක මේක රුපියල් 1062 Discount දාල 1000 -980 දෙනවා.



300*250
මේ තියෙන්නේ  Sanding Sealer ඒක මේක රුපියල් 1236 Discount දාල 1100 දෙනවා. 4L ඒක 4000 විතර ගන්න පුලුවන් පොඩි ටින් ගන්න ඒක පාඩුයි.ටින් වල අඩියේ ඉතුරු වෙනවා 400mL විතර.


මේ තියෙන්නේ  Varnish ඒක මේක රුපියල් 3565 Discount දාල 3200 දෙනවා.


දැන් Grinder ඒකට 60 කොලක් අලවලා ලී ටික කපන්න පටන් ගන්න එලියට ඇවිල්ලා තියන අනන් මනන් වලවල් කෙදි ඒක ගානකට ඒන්න මේකෙන් ටිකක් හිමිහිට අල්ලන්න.


මේ තියෙන්නේ අල්ලපු ලී ටික. 


මුලුන්ම මේ ලී වලට Sanding Sealer ගාන්න ඕනා මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L  දාල හොදින් කලවම් කර ගන්න සමහර අය Thinner 2L විතර දානවා මම නම් 1.5L දැම්මේ.මේක නිකන් ඉටි වගේ.මගේ වැඩක්නේ  හොදට කරන්න ඕනා නිසා.



Sanding Sealer ගලා වෙලුනාට පස්සේ මේවගේ ඊට පස්සේ 320 වැලි කොලයකින් හිමිහිට කපන්න.



කපාගත් ලී වලට Mahogany dye ඒක ගාන්න තමා දැන් යන්නේ මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L Mahogany dye 200mL දාල හොදින් කලවම් කර ගන්න Mahogany පාට මදි වගේ නම් තව Mahogany dye ඒක වැඩි කර ගන්න.



                                                           මේ විදියට ටිකක් ගලා බලන්න



Mahogany dye ඒක ගැවට පස්සේ හොදට වේලෙන්න ඒහේම තියලා නැවත 320 වැලි කොලයකින් හිමිහිට කපන්න මෙන්න මේවගේ වෙන්න දැන් නිකන් මැහොගනී වගේද පෙන්නේ නැත් නම් වෙන මොකක් හරි වගේද?


දැන් බලමු කොමද මේ  Varnish හදා ගන්නේ කියලා මුලින්ම Varnish  1L කට  Thinner 1L දාන්න 
1.1 අනුපාතය හොදින් කලවම් කර  අලේප කරන්න ගන්න.






300*250 දැන් කොහොමද දිලිසෙන දිලිසිල්ල වැඩේ උපරිම ලෙස හිතුවත් වඩා හොදින් සාර්ථක වුනා බලන්න මුල් ලීය හා අවසාන ලීය අතර වෙනස.

                                           



නිම කරනලද ලී අපි ලී ලස්සනට Polish  කරනවා වඩු බාස් වහලේ  ගහන්න මේ ලී උඩට ගන්නකොට මේ ලී අතුරලා තියනකොට මේ ලී සිරේනවා නස්තිවෙනවා මටනම් දුකේ බැහැ මේවා වලක්වා ගැනීමට අමාරුයි ඒකට හැමෝම කරන්නේ වහලේ ගැහුවට පස්සේ මඩ තියන තැන් හොදින් හෝදලා නැවත Varnish ටිකක් ගාන ඒක පමනයි එතකොට නැවත දිලිසෙන විදියට ලී ටික ගන්න පුලුවන් clear cord එකකුත් මිට පස්සේ ගහන්න පුළුවන්.


මේ ලී අතුරලා තියනකොට  නස්තිවෙනවා පාගලා මටනම් දුකේ බැහැ වඩු බාස්ලගේ වැඩ  තමා  මොනවා කරන්නද මේවා හෝදලා දාන්න තමා තියෙන්නේ.මටනම් දුකේ බැහැ.

දැන් බලමු කොහොමද සිවිලින් ෂිට් වලට තීන්ත ගානේ කොහොමද කියලා 

ෂිට් 200 paint කරන්න අවශ්‍ය බඩු List ඒක 

01 Filler 20L 
02 Brilliant white emulsion 20L 
03 roller brush & Tray









මුලින්ම Filler ඒක ආලේප කරන්න ඕනේ  Filler ඒකට 40% පමණ වතුර දමන්න කරුණාකර මෙය නිෂ්පාදකය අනුව වෙනස්වේ ඔ වුන්ගේ උපදෙසේ පිළිපදින්න Filler ආලේප නොකරොත්  Brilliant white emulsion තීන්ත ආලේප කලවිට උරා ගැනීම පමණක් සිදුවේ.




 Filler ඒක ආලේප කර පසු Brilliant white emulsion තීන්ත ආලේකල හැකිය 1.1 අනුපාතයට වතුර කලවම් කර ගන්න Brilliant white emulsion දෙවතාවක් ආලේප කිරීමෙන් මනා පෙනුමක් ලැබේ ඒක පාරකුත් සැහේ මොකද වඩු මහතා මේක වහයලට සවිකරන ගනකොට සිරෙනවා කිලුටුවෙනවා කලුවෙනවා මඩ ගැවෙනවා ගන්න දෙයක් නැතුව යනවා ඒක හින්දා වහලේ ගහලා අන්තිමේට උඩ නැගලා මේවට තින්ත ගාන්න වෙනවාඒතකොට  දෙවතාවයි 


Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා

728*90